දැන්වීම්

විශේෂ දැනුම් දීමයි (ඉතා වැදගත්)
2024 අප්‍රේල් මස 02 වන දින පදවිය මහජන ක්‍රීඩාංගණයේ පැවැත් වු බැජී සංගීත සංදර්ශනයේදී ඇතිවු කළහකාරී අවස්ථාවේදී පදවිය ප්‍රාදේශීය සභාව සතු අංක 43 දරණ කේෂ්ත්‍ර ලදුපත් ලේඛණය අස්ථාන ගත වී ඇත.එම ලේඛණයට අදාල 2101 සිට 2150 දක්වා අංක දරණ ලදුපත් පදවිය ප්‍රාදේශීය සභාවේ මුදල් ගෙවීම් සිදු කිරීම සදහා වලංගු නොවන බවත් එම අංක දරණ ලදුපත් සදහා මුදල් ගෙවීමක් සිදු නොකරන ලෙසත් දැනුම් දෙමි.

- පදවිය ප්‍රාදේශීය සභාවට අයත්, පහත සඳහන් දේපල 2024 වර්ෂ සඳහා බදු දිමට ටෙන්ඩර් කැඳවනු ලැබේ.
- ටෙන්ඩර් ඉල්ලුම්පත් 2024.03.25 දින සිට 2024.04.01 දින ප.ව.2.00 දක්වා ලබා ගත හැකි අතර ටෙන්ඩර් ඉල්ලුම්පත් භාර ගැනිම 2024.04.02 දින ප.ව. 2.00 ට අවසන් කරන අතර, ටෙන්ඩර් විවෘත කිරිම එදින ප.ව 2.00 පදවිය ප්‍රාදේශීය සභා කාර්යාලයේ දි සිදු කෙරේ.
- ටෙන්ඩර් පිළිගැනිම හෝ ප්‍රතික්ෂේප කිරිමේ අයිතිය ටෙන්ඩර් මණ්ඩලය සතුය. දේපල පවතින තත්වයන්ම ටෙන්ඩර් කරනු ලැබේ. අදාළ ටෙන්ඩර් කොන්දේසි මලාව හා අනේකුත් විස්තර කාර්යාල වේලාව තුළ පදවිය ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගත හැකිය.
- නියමිත බදු මුදලට අතිරේකව ජල විදුලි බිල් පත් ද වරිපනම් මුදල් ද පදවිය ප්‍රාදේශීය සභාව විසින් පනවනු ලබන අනෙකුත් බදු මුදල් ද නියමිත බදු කාලය සඳහා ගෙවිය යුතු අතර ඊට අනුකූලව ගිවිසුම් ගත විම සිදුවිය යුතුය.
- දේපල ප්‍රදානය විමෙන් පසු ආරක්ෂිත ඇප මුදල ලෙස ඉල්ලුම් කරන ලද ලංසු මුදල මෙන් 1/3 ගුණයක් පදවිය ප්‍රාදේශීය සභාවේ තැන්පත් කල යුතුය.
- පදවිය ප්‍රාදේශීය සභාවේ නිලධාරින්ටත් සේවකයින්ටත් ඔවුන් ගේ කලාත්‍රයාට හා ඔහුගෙන් යැපෙන්නන්ටත් ඉල්ලුම්පත් ලබාගත නොහැක
පදවිය ප්‍රාදේශීය සභාවේ විශේෂ පුවත් හා සිදුවීම් -2024
හෙල්ප් ඒජ් ආයතනය හා සුප්‍රීම් TV අනුග්‍රහය ඇතිව පදවිය ප්‍රාදේශීය සභාවේ සහයෝගයෙන් පදවිය ඉසිපතනාරාම ජේයෂ්ඨ පුරවැසි කමිටුවේ සංවිධානයෙන් පවත්වනු ලැබු වයස අවුරුදු 55 ට වැඩි වැඩිහිටියන් සදහා නොමිලයේ ඇස් කණ්නාඩි බෙදාදීම හා නොමිලේ වෛද්‍ය සායනයක් 2024-02-24 දින බුද්ධංගල ප්‍රාදේශීය සභා රංගශාලාවේදී පැවැත්වු අවස්ථාව
විශේෂ ස්තූතිය- මුලික රෝහල පදවිය,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පදවිය,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පදවිය
පදවිය ප්‍රාදේශීය සභාවේ විශේෂ පුවත් හා සිදුවීම් -2023

පදවිය ප්‍රදේශීය සභාව මගින් දැනට පවත්වා ගෙන යනු ලබන පානී්‍ය ජලය ලබාදීමේ ක්‍රියාවලිය පුළුල් කරමින් දැන් ඕනෑම වේලාවක පදවිය ප්‍රාදේශීය සභා භූමියේදී සිංහයා උල්පතෙන් ලබාගත් උල්පත් ජලය ලීටරයක් රු.2.50 ක මුදලකට ලබාගත හැක. ලීටර 500 ට වඩා මිලදී ගැනීමකදී අදාළ ස්ථානයට ප්‍රවාහණය ලබාදෙනු ලැබේ.
2023/06/21 දින උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමා,ආණ්ඩුකාර ලේකම්,උතුරුමැද පළාත් පාලන කොමසාරිස්තුමා ඇතුලු දෙපාර්තමේන්තු නිලධාරීන් සභා ධූර කාලය අවසන් වීමෙන් පසු පදවිය ප්‍රාදේශීය සභාවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පදවිය ප්‍රාදේශීය සභාවට පැමිණි අවස්ථාව
අනාරක්ෂිතව පැවැති පදවිය නගරය හා සම්බන්ධ වන කෙටි මාර්ගයක් වන ඇගලුම් කම්හල අසල සිට රෝහල දක්වා අතුරු මාර්ගය ප්‍රාදේශීය සභා කාර්‍ය මන්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් සංවර්ධනය කිරීම.
ඩෙංගු රෝගය පාලනය හා නිවාරණය වෙනුවෙන් පදවිය හා පරාක්‍රමපුර නගර ශුද්ධ පවිත්‍ර කිරීම. දායකත්වය- පදවිය ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලය
පදවිය නගරයට පැමිණෙන මහජනතාවගේ හා පාසල් දරුවන්ගේ පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් නොමිලේ, පිරිපහදු කල පානීය ජලය බීමට පමණක් ලබාගැනීමට පදවිය ප්‍රාදේශීය සභාව විසින් පහසුකම් සලසා ඇත.

පදවිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජලාශවල ධීවර වෘත්තියේ නියැලෙන ධීවර වෘත්තිකයන් සඳහා ශක්තියක් වෙමින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය නංවාලීම සහ පදවිය ප්‍රාදේශිය සභාවේ ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස, මාසික කුලී පදනම යටතේ ධීවර ඔරු 34 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් පදවිය ප්‍රාදේශිය සභාව මඟින් ආරම්භ කර ඇත.
පදවිය ප්‍රාදේශීය සභාවේ විශේෂ පුවත් හා සිදුවීම් -2022
පදවිය ප්‍රාදේශීය සභාව සහ පදවිය මහජන පුස්තකාලය ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සංවිධානය කල ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සදහා පවත්වනු ලැබූ සම්මන්ත්‍රණය
පදවිය ප්‍රාදේශීය සභා කාර්‍යාලීය භූමීය හා පදවිය නගරයේ සිදු කරන ලද ශ්‍රමදාන වැඩසටහන 2022 නොවැම්බර් මස 14 දින
පදවිය බල ප්‍රදේශයේ තුලාන 15 සම්බන්ධ කර ගනිමින් තුලාන 15 ප්‍රජා මණ්ඩල පිහිටුවීම.ප්‍රජා මණ්ඩලය සදහා ජල ටැංකියක් ලබාදීම.
උතුරුමැද පලාත් පාලන දෙපාර්තමේන්තුවේ හා CDLG ව්‍යාපෘතියේ දායකත්වයෙන් කාන්තා මන්ත්‍රීවරියන් සවිබල ගැන්වීමේ සංවර්ධන ව්‍යාපෘතිය විසින් ලද යෝජනාවක් අනුව පදවිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්‍රජා මණ්ඩල වලින් තෝරා දුන් ගොවීන් සදහා බීජ රටකජු කිලෝග්‍රෑම් 500 ගොවීන් 100 ක් අතර බෙදා දීමේ වැඩසටහන…

වරලත් ගණකාධ්කාරි ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන වාර්ෂික ගිණුම් වාර්තා ඇගයීමේ තරගාවලියේදී ප්‍රථම වතාවට පදවිය ප්‍රාදේශීය සභාව ද B M I C H හි දි අද දින(2021-12-29 ) ඇගයීමට ලක් විය.ඒ සදහා නායකත්වය ලබා දුන් උතුරු මැද පළාතේ පළාත් පාලන කොමසාරිස්තුමා ටත් ,ඒ සදහා ගුරුහරු කම් ලබා දුන් ගණකාධ්කාරි තුමා ඇතුළු නන් අයුරින් සහයෝගය ලබාදුන් සැමට අපගේ ස්තූතිය ![]()
පදවිය බල ප්‍රදේශය තුල පවතින කාලීන වකුගඩු රෝගයට පිලියමක් ලෙස පදවිය ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන පිරිපහදු කළ ජලය නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහන සදහා නව ට්‍රැක්ටර් බවුසර් දෙකක් එක් කිරීම…
LDSP ව්‍යාපෘතිය යටතේ පදවිය ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන පරාක්‍රමපුර පොල මාර්ගය කොන්ක්‍රීට් කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ගරු සභාපති බී.බී.එම්.මහින්ද නිශ්ශංක මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2020/11/20 දින ආරම්භ කිරීම.
සුළු අපනයන බෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ සංකල්පයක් මත ‘සෞභාගය දැක්ම’ වැඩපිළිවෙළට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එච් නන්දසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනු ලබන මැදවච්චිය ආසනයේ එක් ඡන්ද කොට්ඨාසයක් සදහා කහ පැල 2500 බැගින් එක් පවුලකට කහපැල 5ක් ලබාදීමේ වැඩසටහනට සමගාමීව පදවිය අංක 13 රුවන්පුර තුලාන සදහා කහපැල බෙදාදීම හා පදවිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති මහින්ද නිශ්ශංක මැතිතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් KN95 වර්ගයේ මුව ආවරණ ලබාදීම 2020-10-15
රටේ පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා පදවිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති මහින්ද නිශ්ශංක මැතිතුමා හා කාර්ය මණ්ඩලය COVID -19 වෛරසයෙන් පීඩා විදින මහජනයාට 2020-03-30 දින රාත්‍රියේ සාදන ලද භාණ්ඩ බෙදාදීම පළමු අදියර අංක 13 තුලානේ රුවන්පුර ගම්මානයේ සියලුම ජනතාව වෙත 2020-03-31 එනම් අද දින ගරු සභාපති මහින්ද නිශ්ශංක මැතිතුමා අතින් බෙදාදීම…
COVID -19 හෙවත් කොරානා වෛරසයෙන් අත් මිදීම සදහා පදවිය හා පරාක්‍රමපුර නගර දෙකට ප්‍රතිජීවක බෙහෙත් දියර ඉසීම 2020-03-24 දින පදවිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති මහින්ද නිශ්ශංක මැතිතුමා,මන්ත්‍රී මණ්ඩලය,ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය ,පදවිය දිසා රෝහල් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය,ස්ථානාධිපති ඇතුළු පදවිය පොලිසිය ,ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා මහ ජනයා එක්ව ක්‍රියාත්මක කරන ලදි














































































